පාස්කු ඉරිදා එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සුරේෂ් සලේ තුන්වන චූදිතයා ලෙසින් නම් කිරීම පිළිබඳව ඉතාමත් කනගාටු වෙන බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කිරීමෙන් පසුව අත්සන් ලක්ෂයක් ගැනීමේ ක්‍රියාමාර්ගයක් දියත් කර ඇත.
මේ වනවිට හෙළි වී තිබෙන්නේ තමන් රාජපක්ෂ නිකායේ බව හඳුන්වා ගන්නා භික්ෂූන් පිරිසක් මූලික වී සුරේෂ් සලේ මුදා හරින ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ලක්ෂයක් ලබා ගන්නා බව ප්‍රකාශ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ෙමෙම පෙත්සම අත්සන් ගැනිමේ මූලිකයෙකු ලෙසින් තෝරා ගෙන ඇත.
අත්සන් ලක්ෂයක් පිළිබඳ ප්‍රචාරය හුදු ප්‍රචාරයක් පමණක් වනු ඇති අතර, එහෙත් එය ඍජුව ම අධිකරණයට බලපෑම් කිරීමක් බව විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.
එම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කර වසර 7ක් ඉක්ම යාමට ආසන්න වෙමින් තිබියදී එම ප්‍රහාරය සුරේෂ් සලේට පවතින සම්බන්ධය පිළිබඳව හෙළි වී ඇති කරුණු අධිකරණය පවා මුලිකව පිළිගෙන ඇත. එසේ තිබිය දී රාජපක්ෂ පවුල මෙන්ම, රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස ද සුරේෂ් සලේ ආරක්ෂා කිරීම වෙනුවෙන් දැඩි ප්රයත්නයක යෙදී සිටී.
13
Saru News
















