බරපතළ නියෝග – Saru News | සිංහල

0
3

මුළු ලෝකයේ ම ඇති වී තිබෙන බල ශක්ති අර්බුදය හමුවේ එක් එක් රටවල් තම තමන් සතු තෙල් සංචිත ප්‍රමාණයට ගැළපෙන පරිදි බරපතළ නියෝග රැසක් පනවමින් අර්බුදය කළමනාකරණය කර ගැනීමට පියවර ගෙන තිබේ.

විශේෂයෙන් ම ආසියානු කලාපයේ රටවල් ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත. පකිස්තානු රජය සති දෙකක් පාසල් වසා දමා රජයේ වාහන පරිහරණය 60%කින් කපා හැර ඇත. එමෙන් ම, මංගල උත්සව ඇතුළු උත්සවවලට සහභාගී කර ගත හැකි උපරිම ආරාධිතයින් සංඛ්‍යාව 200කට සීමා කර එක් ආහාර වර්ගයක් ලබා දීම දක්වා දැඩි නියෝග පැනවීම් සිදු කර ඇත.

මේ ආකාරයට රටවල් රැසක් අර්බුදය කළමනාකරණය කර ගැනීමට අනුගමනය ක්‍රියාමාර්ග පිළිබඳව සිරස රූපවාහිනිය ඉදිරිපත් කළ සවිස්ත ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here