ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම්වලට එල්ලවන ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ලකරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත එල්ලවූ අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානයේ සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ සටන් විධානය නිවේදනයක් නිකුත්කරමින් මේ බව පවසා ඇත.
කාර්ග් දූපතට එල්ලකළ ප්‍රහාරය ගැන අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, අමෙරිකානු හමුදා කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළද, තමන් තෙල් අපනයන මධ්‍යස්ථානවලට පහරදීමෙන් වැළකී සිටි බවය.
කෙසේ නමුත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන්ගන්නා ඉන්ධන නෞකාවලට ඉරානය හෝ වෙනත් පාර්ශ්වයක් ප්‍රහාර එල්ලකළ හොත් මෙම තීරණය ගැන නැවත සලකාබලන බවත් ඔහු පවසා තිබේ.
Saru News
















