සරත් වීරසේකර, නිරාෂා ජයරත්න, සහ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් අධිකරණයේදී තොරතුරු හෙළි වෙයි – Saru News | සිංහල

0
3

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙසින් සිටි දුමින්ද සිල්වා රුපියල් ලක්ෂ 150ක අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අධිකරණයේ දී හෙළි වී තිබේ.

ඊයේ (13) අල්ලස් කොමිසම විසින් අදාළ තොරතුරු අධිකරණය ඉදිරියේ හෙළි කරනු ලැබීය. දෙමටගොඩ රුවන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රුපියල් මිලියන 160ක අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් 2022 අප්‍රේල් මස පැවති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලින් ඔහුව නිදහස් කිරීම සඳහා එලෙස කප්පම් ලබා ගෙන ඇති බව අධිකරණය වාර්තා කර තිබේ.

එම ක්‍රියාවලියට එවකට හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරගේ සම්බන්ධීකරණ ලේකම් කාංචන සිංහාරගේ මෙන් ම, නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති දුමින්ද සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් සෆ්රාස් සහ ඔහුගේ බිරිඳ ද සම්බන්ධ වී ඇත. ඒ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ නිරාෂා ජයරත්න මගින් දෙමටගොඩ රුවන් සම්බන්ධයෙන් පැවති සාක්ෂි ඉවත් කළ බව අධිකරණයේ දී හෙළි වී තිබේ. පසුව නිරාෂා ජයරත්න දුමින්ද සිල්වා සමඟ විවාහ විය.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here