දේශීය සුළු පරිමාණ නිෂ්පාදකයින් නගා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මත පදනම්ව රජයේ රෝහල් සඳහා අවශ්‍ය ශල්‍ය ගෝස් නිත්‍ය සලාක ක්‍රමයක් යටතේ දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගනු ලබනවා .
2025 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශය වෙත ශල්‍ය ගෝස් අවශ්‍යතාව මීටර් මිලියන 30ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි සඳහන් වන්නේ .
ශල්‍ය ගෝස් සලාක නිර්ණය කිරීමේ කමිටුව විසින් ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 දෙනෙකුගෙන් 2025 වසර සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන 30ක් මිල දී ගැනීම නිර්දේශ කර තිබෙනවා .
එලෙස මිල දී ගනු ලබන ශල්‍ය ගෝස් මීටරයක ස්ථාවර මිල ශ්‍රී ලංකා රුපියල් 68.97ක් ලෙස මිල කමිටුව විසින් අනුමත කර ඇති බවයි සඳහන් වන්නේ .
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්‌දේශය මත පදනම්ව 2025 වර්ෂය සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන 30ක් එකී ස්ථාවර මිල යටතේ වෛද්‍ය සැපයීම් අංශයේ ලියාපදිංචි දේශීය නිෂ්පාදකයන් 282 දෙනෙකුගෙන් මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා .
Saru FM Media