ගාල්ලේ සුමුදුගෙන් හම්බන්තොටට රළු ප්‍රහාරයක්

0
3

facebook sharing buttonනිශ්මං රණසිංහ ,මාර්තු 13, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම කරා ක්‍රීඩිකාවන් ගමන් කළ යුතු ගමන් මාර්ගයේ තවත් වැදගත් මංසන්ධියක් සටහන් කරමින් ඇරඹුණු, අවුරුදු 23 න් පහළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කරන්නට සුමුදු නිසංසලා සමත් වුණා.ඇය පන්දු ඕවර් 20 න් පන්දු 77 ට මුහුණ දී නොදැවී ලකුණු 152 ක් රැස් කරන්නට සමත් වුණා.හතරේ පහර 28 ක් අඩංගු වූ එම ඉණිමේ ප්‍රහාරක වේගය 197.40 ක් ලෙස දැක් වුණා.සුමුදුගේ මේ ඉණිම නිසා ගාල්ල කණ්ඩායමට පන්දු ඕවර් 20 නිමාවේ දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 207 ක් රැස් කරන්නට ලැබුණා.

ඉනික්බිති හිරුනිකා නිවර්තනීගේ (9/4) සහ මල්ෂි නිශාරා (11/3) දක්ෂ පන්දු යැවීම හමුවේ හම්බන්තොට ඉණිම ලකුණු 65 ට සීමා වුණා.සුමුදුගේ ප්‍රහාරයේ වැදගත්කම පදනම් කරගෙන ගාල්ල කණ්ඩායමට ලකුණු 142 ක ජයක් ලබන්නට හැකි වුණා.සුමුදුගේ මෙම ඉණිම වඩාත් වැදගත් වන්නේ මේ දක්වා පැවති තරග හතරකදීම කිසිඳු කණ්ඩායමකට සුමුදුගේ පෞද්ගලික ඉණිමට සමාන ලකුණු ප්‍රමාණයක් හෝ ලබා ගන්නට නොහැකි වූ නිසයි.

එම ලකුණු ප්‍රමාණය ඉක්මවා යන ඉණිමක් වාර්තා කළ් ගාල්ලම හම්බන්තොටට එරෙහිව වීම කැපී පෙණුන අතර එහිදි හිරුනි හංසිකා (70) සහ රශ්මි නේත්‍රාංජලී (63) දැක් වූ දස්කම් හේතුවෙන් ගාල්ල කණ්ඩායම හම්බන්තොටට එරෙහිව කඩුලු 4 ට ලකුණු 163 ක් රැස් කරනු ලැබුවා.හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික් කණ්ඩායම අතර තරගයේදී මාතර දිස්ත්‍රික් කණ්ඩායම ලකුණු 125 ක් රැස් කිරීම කණ්ඩායමක් ලකුණු 100 ඉක්මවා ලකුණු රැස් කළ තවත් අවස්ථාවක් වුණා.එම තරගයෙන්ද හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායමට ලකුණු 36 ක ජයක් හිමි වුණේ හම්බන්තොට කණ්ඩායම පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 9 ට ලකුණු 89 ක් පමණක් රැස් කළ නිසයි.

සෙසු තරගවලදී මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම ලකුණු 121 ක් කඩුලු 9 ක් දැවී ලබා ගන්නට සමත් වුණා.මෙම තරගයේදී පන්දු ඕවර් 20 නිමාවේ දි කඩුලු 7 ට ලකුණු 88 ක් පමණක් වාර්තා කරන්නට සමත් වූ පොළොන්නරුව කණ්ඩායමට ලකුණු 33 ක පරාජයක් අත් විඳින්නට සිඳු වුණා.‍මෙහිදී මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමේ නායිකාව වූ යසන්ති හේරත් ප්‍රකටව සිටින්නේ පන්දු රකින්නියක ලෙස වුව ද,මේ තරගයේදී පන්දුවෙන් ද ලකුණු 31 ක් ලබා පන්දු යැවීමෙන් කඩුලු 2 ක් ලකුණු 8 ක් පමණක් ලබා දී දවා ගන්නට සමත් වුණා.
අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික් අතර තරගයේදී අනුරාධපුර කණ්ඩායම ලකුණු 87 ට දැවී ගියත්,පොළොන්නරුව කණ්ඩායමට පන්දු ඕවර් 20 තුළ ලබා ගන්නට ඉඩ දුන්නේ කඩුලු 8 ක් දැවී ලකුණු 71 ක් පමණයි.මාතලේ කණ්ඩායම අනුරාධපුර කණ්ඩායමට එරෙහිව ලකුණු 77 ට දැවී ගියා.එහිදී පිළිතුරු ඉණිම දියත් කළ අනුරාධපුර කණ්ඩායම පන්දු ඕවර් 15.4 දී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 80 ක් පමණක් ලබා කඩුලු පහකින් ජය ගැනීම මේ තරගාවලියේ මේ දක්වා වාර්තා වූ හඹා ගොස් තරගයක් ජයගැනීමේ පළමු අවස්ථාවයි.

The post ගාල්ලේ සුමුදුගෙන් හම්බන්තොටට රළු ප්‍රහාරයක් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here