කොළඹ මහාධිකරණයේ හා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් වනාතවිල්ලුව ලැක්ටොවත්ත දහන උඳුනේදී අද (13) විනාශ කෙරුණි.
එමෙන්ම රසපරීක්ෂක කාර්යාලයේ තිබූ නඩු 1500 කට ආසන්න ප්‍රමාණයක නඩු භාණ්ඩද එහිදී විනාශ කර තිබේ.
කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ අධිකරණයෙන් අද (13) අලුයම පිටතට ගනු ලැබීය.
ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 40යි ග්‍රෑම් 539ක්, කැතීන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132ක්, කොකේන් ග්‍රෑම් 55ක් හා මත්පෙති 3,482ක් වූ බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.
එම කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මතාගේ අධීක්ෂණයෙන් පසු මෙම මත්ද්‍රව්‍ය හා මත්පෙති වනාතවිල්ලුව ලැක්ටොවත්ත දහන උඳුනේදී විනාශ කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මධ්‍යයේ රැගෙන යනු ලැබීය.
ඒ අනුව එම මත්ද්‍රව්‍ය හා මත්පෙති මෙන්ම නඩු භාණ්ඩ අද පෙරවරු 10ට පමණ වනාතවිල්ලුව ලැක්ටොවත්ත දහන උඳුන වෙත රැගෙන ආ අතර එහිදී බලපිටිය මහේස්ත්‍රාත්වරයා හා පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණයෙන් පසු රස පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් විසින් විනාශ කරනු ලැබීය.
Saru News
















