මියන්මාරයට ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක්

0
12


2025-03-28 දින සිදු වූ ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර, මේ වන විට 2,700 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එසේම පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බවත්, තවත් විශාල පිරිසක් එම සිදුවීම හේතුවෙන් අනතුරුවලට ලක් වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

බෞද්ධ රාජ්‍යයන් දෙකක් වශයෙන් දෙරට ජනතාව අතර පවතින දිගු කාලීන සමීප සබඳතාව සැලකිල්ලට ගෙන, මියන්මාරයේ ජනතාව වෙත සහන සැලයීම සඳහා පහත සඳහන් පරිදි ශ්‍රී ලාංකික ජනතාවගේ දායකත්වය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළා.

* ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීම.

* මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මෙහෙය වීම මත රැස් කරනු ලබන ද්‍රව්‍යමය ආධාර කඩි නමින් මියන්මාරයේ ජනතාව වෙත ලබා දීම සඳහා රජයේ මැදිහත් වීම මත අවශ්‍ය පියවර ගැනීම.

* වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත සහන සේවා කණ්ඩායමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී මියන්මාරය වෙත යැවීම පිණිස සුදානම් කර තැබීම. එම තීරණ වනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here