කිතුල්ගල ඉන්ධන පිරවුම්හලෙන් භූමිතෙල් ලීටර් 4,000ක් බලපත්‍රයක් හෝ නොමැතිව ටැංකි 04ක පටවාගෙන කෑගල්ල දක්වා රැගෙන යෑමට උත්සාහ කළ පිරිසක් කිතුල්ගල පොලිසිය සිය භාරයට ගෙන ඇත.
පසුයි 05 වනදා මෙම පිරිස අදාළ පිරවුම්හලෙන් ඉන්ධන ලබාගනිමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් කිතුල්ගල පොලිසිය දැනුවත් කර තිබේ.
එම අවස්ථාවේ අදාළ පිරිස විශාල ටැන්කි දෙකක් ලොරි රථයකින් කිතුල්ගල ඉන්ධන පිරවුම්හල වෙත රැගෙන විත් භූමිතෙල් පුරවමින් සිට ඇත.
එය දුටු ප්‍රදේශවාදී විසින් අදාළ ලොරි රථ දෙක පිරවුම් හළෙන් රැගෙනයාමට ඉඩ නොදී පොලිස් නිලධාරීනට බාර දී තිබේ.
ඒ අනුව එහි පැමිණි පොලීසිය, ලොරිය ඉන්ධන තොගය ද සමඟ සිය භාරයට ගෙන ලොරියේ රියදුරා සහ රිය සහායක සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. රියදුරා සහ රිය සහායක එදිනම පොලිස් ඇප මත මුදාහැර ඔවුන් දෙදෙනාට රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන්නැයි උපදෙස් දී තිබේ.
0
Saru News
















