හිටපු ජනපති රනිල්ගෙන් ආණ්ඩුවට සහයක්!

0
12


රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :

පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ යෝජනා සදහා ආණ්ඩුවට සහාය ලබා දෙන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .

ඒ පිළිබදව කළ විශේෂ ප්‍රකාශය පහතින්,

“2023-2024 සමයේ දී අපේ ආණ්ඩුව පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ යෝජනා ගණනාවක් අනුමත කළා.අප ඒ වැඩ කටයුත්ත කළේ මේ රටට එම බලශක්තිය වුවමනා වූ නිසයි.

එම විදේශ ආයෝජන සමග රටේ අලුත් ආයෝජන ඇති කිරීමට ඒ බලශක්ති යෝජනා ක්‍රම සඳහා විදේශ ආයෝජන ලැබුණා.

ඩොලර් බිලියන දෙකක් හෝ දෙක හමාරක පමණ ව්‍යාපෘති අප ඒ අනුව අනුමත කළා.

මෙම ව්‍යාපෘති අනුමත කරන අවස්ථාවේදී එක් එක් ව්‍යාපෘති වෙනුවෙන් කමිටු වලින් මිල නම් කළා.

ඊට හේතු ගණනාවක් තිබෙනවා.

මේ වැඩ කටයුත්ත කළේ ඒ කාරණා සියල්ල සලකා බැලීමෙන් පසුවයි.

අදානි සමාගම සහ හේලීස් සමාගම සම්බන්ධයෙන්ද මා සඳහන් කරන්න කැමතියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here