මුතුරාජවෙල වගුරුබිම ආරක්ෂා කිරීම සම්බන්ධව ම්පහ දිස්ත්‍රික් පරිසර අනුකමිටුවේ විශේෂ අවධානය යොමුව තිබේ.
එසේම මුතුරාජවෙලට අයත් ඉඩම්වල අනවසර ඉඩම් ගොඩකිරීම වැළැක්වීම සඳහා පියවර ගැනීම හා පස් කැපීමේ ක්‍රියාවලිය වැනි දෑ තුළින් සිදුවන පරිසර හානිය මෙන්ම ආශ්රිත පරිසර පද්ධතිය ආරක්ෂා කිරිම පිළිබඳව සාකච්ඡා වී ඇත.
ගම්පහ දිස්ත්‍රික් පරිසර අනු කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම කමිටු රැස්වීම පැවැත්විණි.
මධ්‍යම පරිසර අධිකාරිය, මීගමුව මහනගර සභාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය ආදී මුතුරාජවෙල සම්බන්ධව පවතින ආයතන සතු නීතිමය බලතල හා නීතිමය ප්‍රතිපාදන පිළිබඳව මෙහිදී විමසා බැලු අතර ඒ තුළින් අනවසර ඉදිකිරීම් හා ව්‍යාජ බලපත්‍ර ඉදිරිපත් කරමින් පරිසර හානි ක්‍රියාවන් සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණ.
මෙහිදී මුතුරාජවෙල වගුරු බිම ආරක්ෂා කිරීමට අදාලව පනත් ,ගැසට් හා නීතිමය ප්‍රතිපාදන තවදුරටත් ශක්තිමත් හා විධිමත්ව ඇති කළ යුතු බවටත් යෝජනා විය යෝජනා වූ අතර මෙම කටයුතු සඳහා ආයතන ඒකාබද්ධවීමේ වැදගත්කමත් අවධාරණය කෙරිණ.
එසේම මුතුරාජවෙල සංවේදී කලාපය ආරක්ෂා කර ගැනීම පිළිබඳව කටයුතු කිරීමට කමිටු සාමාජික යෝජනාවක් ද පරිසර අමාත්‍යාංශයේ විසින් අනුකමිටුව වෙත යොමු කර තිබුණි.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලසිත් භාෂණ, ස්ටෙපනි ප්‍රනාන්දු ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා සමන්තා සේනානායක, යන මහත්ම මහත්මීන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.







Saru News
















