2024 වසරේ ප්‍රශස්තම නවකථාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ , ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචනා කරන ලැබූ ” පියාසර සමය ” නවකතාවයි . |
2024 වර්ෂයේ දී ප්‍රකාශයට පත් වී, ස්වර්ණ පුස්තක සම්මානය සඳහා ඉදිරිපත් කරන ලද නවකතා 130කට අධික ප්‍රමාණයක් අතුරින් පාදක මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය සහ උත්තරීතර මණ්ඩලය යන විනිශ්චය මණ්ඩල සියල්ලේ අවසන් තේරීමට අනුව, එම සම්මානය හිමිව තිබේ .
ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර මහතා විසින් රචනා කරන ලද පියාසර සමය නවකතාව සරසවි ප්‍රකාශනයකි
චන්ද්‍රරත්න බණ්ඩාර මීට පෙර ලියන ලද ප්‍රේමානිශංස නවකථාව ද ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබා තිබීම විශේෂත්වයකි.
Saru FM Media