චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) 14වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරයද අද (මාර්තු 12දා) නිමාවට පත් විය.
බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්වුණු මෙම සැසියට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන නායකයන් එක්විය.
කාර්ය වාර්තා කිහිපයක් මෙන්ම නව නීති කිහිපයක්ද මෙහිදී අනුමත කෙරිණ.
මේ අතර, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ (CPPCC) 14වැනි ජාතික කමිටුවේ සිවුවැනි සැසිවාරයද ඊයේ අවසන් වූ අතර, අද නිම වූ NPC සැසිය සමග 2026 සඳහා වූ “ද්විත්ව සැසි” (Two Sessions) මෙසේ නිමාවට පත්විය.
අද දිනයේදී මහජන මහා ශාලාවේදී දිස්වූ දසුන් කිහිපයක් පහත දැක්වේ.
“ද්විත්ව සැසි” (Two Sessions) යනු කුමක්ද?
චීනයේ වැදගත් දේශපාලනික ප්‍රතිපත්ති රැසක් සම්මත කරන මෙම “ද්විත්ව සැසි”, එරට වාර්ෂිකව පැවැත්වෙන වැදගත්ම දේශපාලන සිදුවීම ලෙස සැලකේ.
මෙහි ප්‍රධානතම අංග දෙක වන්නේ පහත සභා වල සැසිවාරයි.
1. NPC : ජාතික මහජන කොංග්‍රසය (චීනයේ ප්‍රධානතම ව්‍යවස්ථාදායකය)
2. CPPCC : චීන මහජන දේශපාලන උපදේශක සභාව (චීනයේ ප්‍රධානතම දේශපාලන උපදේශක ව්‍යුහය)
(සටහන හා ඡායා : ශානිකා ජයසේකර බෙයිජිං සිට)
සබැඳි පුවත් :
චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිය ඇරඹේ (වීඩියෝ)
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ වාර්ෂික සැසිය ඇරඹේ (වීඩියෝ)
2026 දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 6 ඉක්මවන ලකුණු! (වීඩියෝ)














Saru News
















