ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට හිමිව තිබූ සියලු අයිතිවාසිකම් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී නව සමාගම් තුළ ද තහවුරු කිරීම රජයේ ස්ථාවරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සහ නව සමාගම්වල අයිතිය රජය යටතේ පවත්වා ගනිමින් රටක් ලෙස බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම එම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙහි අරමුණ වන බව එහි සඳහන් වේ.
විදුලිබල මණ්ඩලය ලෙස පවතින අවස්ථාවේදීම විසඳා ගත යුතුව තිබූ, එහෙත් මෙතෙක් නොවිසඳී ඇති ගැටලු පිළිබඳව ද වෘත්තීය සමිති නියෝජිතයන් අනුර කුමාර දිසානායක මහතා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
මෙය කිසිසේත් සුමට ක්‍රියාවලියක් නොවන බවත්, දීර්ඝකාලීන සහ සැලසුම්සහගත ක්‍රියාවලියක් බවත් එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම පරිවර්තනීය කාලය තුළ සේවකයන් සහ නව සමාගම් අතර මනා අවබෝධයකින් යුතු සංවාදයක් පවත්වා ගැනීමේ වැදගත්කමත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන් බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, සේවකයන්ගේ මානසික නිදහස තහවුරු කරමින්, ඔවුන්ගේ අනාගත අපේක්ෂා හඳුනාගනිමින් ඔවුන්ට සිය සේවය තෘප්තිමත්ව සැපයිය හැකි නිදහස් පරිසරයක් සකසාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණ කලේය.
සියලුදෙනා එක්ව අවබෝධයෙන් සහ රට ගැන හැඟීමෙන් යුතුව කටයුතු කිරීමෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කරගත හැකිය.
මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගනිමින්, මෙරට විදුලි පාරිභෝගිකයන්ට වඩා හොඳ සේවාවක් සහතික කිරීමටත්, මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමටත් එක්ව වැඩ කරමු යනුවෙන් සියලු වෘත්තීය සමිතිය නියෝජිතයන්ට ජනාධිපතිවරයා ආරාධනා කලේය.
මෙම නව පරිවර්තනයේ අවශ්‍යතාව තමන් ද පිළිගන්නා අතර, එහිදී රජය සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට දායකත්වය ලබා දෙන බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී සඳහන් කළා.
Saru News
















