පීපල්ස් ඉන්ෂුවරන්ස් “CALL & GO” – ඔබේ විශ්වාසයේ ඇමතුමට නව අරුතක්! Sri Lanka Latest News

0
10


පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය වසර 15ක් පුරා ශ්‍රී ලාංකික රක්ෂණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක නිරතවන රක්ෂණ සමාගමකි. මහජන බැංකු සමූහයට අනුබද්ධිත සමාගමක් ලෙස නොමද ජනතා  විශ්වාසය දිනූ පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය, මෝටර් රථ රක්ෂණය ඇතුලු සියලුම සාමාන්‍ය රක්ෂණ විසඳුම් ලබාදීම ඔස්සේ ශ්‍රී ලාංකික ජනතාවගේ අභිවෘද්ධිය සවිබල ගැන්වීමට ඇපකැප වී සිටී. Sri Lanka Latest News

වෙළඳපොළ තත්ත්වයන්ට හැඩගැසෙමින් පාරිභෝගිකයන්ගේ රක්ෂණ අවශ්‍යයතා වලට සරිලන ආකාරයට කාලෝචිත වූ, රක්ෂණ විසඳුම් ඉදිරිපත් කිරීම පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය සතු විශේෂත්වයකි. එය අරුත් ගන්වමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය මෝටර් රථ රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති Call & Go සුවිශේෂී සේවාව ඔස්සේ මහමඟ සිදුවන රිය අනතුරකදී වඩාත් විශ්වාසනීය හා කඩිනම් සේවාවක් ලබා දෙනු ලැබේ. මෙම Call & Go පහසුකමේ ඇති සුවිශේෂීත්වය වන්නේ කිසිදු භේදයකින් තොරව සියළුම මෝටර් රථ හිමියන්ට මෙම සේවාව පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ මෝටර් රථ රක්ෂණාවරණය ඔස්සේ ලබා ගැනීමට හැකිවීමයි. 

CALL & GO සේවාව ක්‍රියාත්මක වන ආකාරය

මෙම සේවාව ඔස්සේ රිය අනතුරක් සිදු වූ අවස්ථාවක පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය අමතා, රිය අනතුර පිළිබඳව තොරතුරු ලබා දී, වාහනය ධාවනය කළ හැකි තත්ත්වයේ පවතී නම්, තමාගේ ගමන නොපමාව යෑමට පාරිභෝගිකයාට හැකි වේ. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදුකරමින් පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ලබාදීමට මෙතුළින් පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනයට හැකි වී තිබේ.

පීපල්ස් ඉන්ෂුවරන්ස් මෝටර් රථ රක්ෂණාවරණයෙහි  ඇති අනෙකුත් විශේෂාංග

පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය ලබා දෙන මෝටර් රථ රක්ෂණාවරණය මඟින් හදිසි අනතුරකදී වාහනය ඇදගෙන යාම, හදිසි අනතුරකදී මගීන්ගේ වෛද්‍ය වියදම් ආවරණය මෙන්ම නොමිලේ Airbag ආවරණයක් සහ වාහනය නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 3ක් දක්වා 100% ක් දක්වා වූ දෙමුහුම් (Hybrid) බැටරි ආවරණයක් ද හිමි වේ. එමෙන්ම, වඩාත් වේගවත් හා කාර්යක්ෂම වන්දි ගෙවීමක් තහවුරු කරමින්, අදාළ වන්දි මුදල සෘජුවම පාරිභෝගිකයාගේ ගිණුමට බැර කරනු ලැබේ. රක්ෂණ‬‭ ප්‍රතිලාභ‬‭ ඉල්ලුම්‬‭ ‬නොකළ වර්ෂයන් සඳහා 80%ක් දක්වා වූ No Claim Bonus දීමනාවක් ද  පාරිභෝගිකයාට හිමි වේ.
අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0112 206 306 අංකය ඇමතීමෙන් හෝ www.peoplesinsurance.lk නිළ වෙබ් අඩවිය ඔස්සේ හෝ Facebook, Instagram සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද මෙම සේවාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමේ  හැකියාව ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here