‘හෝමුස් හරහා තෙල් ලීටරයක්වත් රැගෙන යාමට ඉඩ දෙන්නේ නැහැ’

0
4

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඉරානය පියවර ගෙන තිබේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් දෙසියය දක්වා ඉහළ යා හැකි බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවයි.

මෙම තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සිය හදිසි තෙල් සංචිත මුදාහැරීමට තීරණය කර තිබේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ලීටරයක් හෝ ප්‍රවාහනය කිරීමට ඉඩ නොතබන බවයි. විශේෂයෙන් අමෙරිකාව, ඊශ්‍රායලය හෝ ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන්ට අයත් ඕනෑම නෞකාවක් නීත්‍යානුකූල ඉලක්කයක් ලෙස සලකා ප්‍රහාර එල්ල කරන බව එම බලකායේ ප්‍රකාශකයෙකු පවසා ඇත.

කලාපීය අස්ථාවරභාවයට ප්‍රධානතම හේතුව බටහිර මැදිහත්වීම් බව පෙන්වා දෙන ඉරානය, කෘතිම ලෙස තෙල් මිල පාලනය කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන බව අවධාරණය කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here