ලෝක වකුගඩු දිනය අදයි

0
3

ලෝක වකුගඩු දිනය අදට යෙදී තිබෙනවා.

‘වකුගඩු මිහි මව මෙන් රැකගමු’ යන්න මෙවර වකුගඩු දින තේමාවයි.

සෑම වසරකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දිනය ලෝක වකුගඩු දිනය ලෙස සමරන අතර මේ වසරේ දී එය යෙදී තිබෙන්නේ අද (12) දිනයටයි.

වකුගඩු රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම රෝග වළක්වා ගැනීම සහ වකුගඩු සෞඛ්‍ය නංවාලීම මෙහි අරමුණයි.

අද (12) වන විට ලොව පුරා පුද්ගලයන් දසදෙනෙකුගෙන් එක් අයෙකු නිධන්ගත වකුගඩු රෝගයෙන් පෙලෙන බවයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි.

මුල් අවදියේ දී රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වා නිහඬව වර්ධනය වන මෙම රෝගය දියවැඩියාව, අධික රුධිර පීඩනය,  තරබාරුකම, හෘද රෝග සහ පාරම්පරික රෝග ඉතිහාසයක් ඇති අයට වැලඳීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතී.

සරල මුත්‍රා පරීක්ෂණයකින් සහ රුධිර පරීක්ෂණයකින් මෙය කල්තියා හඳුනාගත හැකි බව වෛද්‍යවරුන් පවසයි.

වකුගඩු රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරිමේ පාගමනක් පොලොන්නරුව ජාතික වෘක්කවේද රෝහල මගින් සංවිධාන කර තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here