වෙනස් විදිහකට නෙළුම් අල හදමු

0
11


අප බොහෝ විට පුරුදු වී සිටින්නේ නෙළුම් අල උයන්නටයි. ඒ වෙනුවට රස ගුණ පිරි නෙළුම් අල මෙන්න මේ විදිහට වෙනස්ම ක්‍රමයකට හදල බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • නෙළුම් අල ග්‍රෑම් 500
  • කතුරු මුරුංගා කොළ කුඩා මිටක්
  • වියළි මිරිස් කරල් කිහිපයක්
  • බටර් හෝ මාගරින් ස්වල්පයක්
  • කහ කුඩු තේ හැඳි 1/2
  • කෑලි මිරිස් තේ හැඳි 1
  • සීනි ස්වල්පයක්
  • පිටි මේස හැඳි 5
  • රසට අනුව ලුණු ගම්මිරිස්
  • බැද ගැනීමට තෙල්

සාදන අයුරු:

නැවුම් නෙළුම් අල සෝදා පිරිසිදු කර සිහින් පෙතිවලට කපා ගන්න. එයට පිටි, කහ, ලුණු, ගම්මිරිස් ආදිය එක් කර හොඳින් අත ගා ටික වේලාවක්  පදම් වන්නට තබන්න. සකසා ගත් නෙළුම් අල පෙති ටික ගැඹුරු තෙලේ දමා රන්වන් පාටට වන තුරු බැද ගන්න. වියළි මිරිස් තරමක කැබලිවලට කඩා ගන්න. වෙනත් බඳුනක් ළිප තබා රත්වන විට එයට බටර් ටිකක් එක් කරන්න. දැන් වියළි මිරිස් කැබලි සහ කතුරු මුරුංගා කොළ දමා තරමක් බැදෙන්නට තබා එයටම කෑලි මිරිස්, ලුණු, සීනි සහ බැදගත් නෙළුම් අල ද දමා කලවම් කර ගන්න.

සහල් පිටි හෝ පාන් පිටි මේ සඳහා යොදා ගත හැක. බැදගත් බී ළූණු, කුඩාවට කපා ගත් අමු මිරිස්, කපාගත් පාස්ලි ආදිය යොදා ගෙන මෙය සරසා ගත හැකියි. කැමති නම් රස අනුව සෝයා සෝස් හෝ බාබක්‍යු සෝස් ටිකක් එකතු කර ගන්න පුළුවන්. මෙම රසවත් ආහාරය උත්සව අවස්ථාවකට වූවත් කදිමට ගැලපෙනවා.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here