ලාෆ් ගෑසුත් ගණන් උස්සයි

0
4

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව රු. 4,330ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා තිබේ.

මිල සංශෝධනයට අනුව නව මිල රු. 4,630ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රු. 1742ක්ව පැවති එහි නව මිල රු. 1,862කි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here