වසර ගණනාවකට පසු රුසියා ජනපති පුටින් විශාලතම හමුදා කැඳවීම ආරම්භ කර තිබෙනවා.
මේ අනුව වයස අවුරුදු 18-30ත් අතර පිරිමි පුද්ගලයන් 160,000ක් හමුදා සේවයට බඳවා ගැනීමට නියමිතයි.
මෙය 2011 වසරෙන් පසු රුසියාවේ වැඩිම හමුදා සාමාජිකයන් බඳවා ගැනීමද වනවා.
රුසියාව සිය හමුදා සාමාජිකයන් සංඛ්‍යාව මිලියන 2.39 කට ආසන්න ප්‍රමාණයකට සහ ක්‍රියාකාරී හමුදා භටයින් සංඛ්‍යාව මිලියන 1.5 දක්වා වැඩි කළ යුතු බව පුටින් පෙන්වා දී තිබෙනවා.
ඉදිරි වසර තුන තුළ 180,000 ක වැඩිවීමක් මින් අපේක්ෂා කෙරෙනවා.
කෙසේ වෙතත් මිට පෙර බඳවාගත් සෙබළුන් රුසියා දේශසීමා කලාපවල සටන් කිරීමේදී මිය ගිය බවට වාර්තා ලැබී තිබුණා.
මෙම බඳවා ගැනීම් අප්‍රේල් සහ ජූලි අතර කාලයේදී සිදු කරනු ඇති.
Saru FM Media