ළැඟුම්හලේ සිහිසුන් ව වැටී සිටි කතක් සමග T56 ගිනිඅවියක් පතොරම් එක්කම සොයාගැනේ

0
13


වත්තල පොලිස් වසමේ හේකිත්ත පාර වත්තල ප්‍රදේශයේ පිහිටි ළැඟුම්හලක කාමරයක් තුළ ඊයේ (01) දින කාන්තාවක් ගෙල වැළලාගෙන සිටින බවට වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත වත්තල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විමර්ශන සිදු කළ නිලධාරින් හට ළැඟුම්හලේ නාන කාමරයක් තුළ කාන්තාවක් සිහිසුන්ව සිටිනු නිරික්ෂණය වී ඇති බවයි.

නිලධාරින් මෙම කාන්තාව නැවත සිහි ගැන්වීමට කටයුතු කර ඇති අතර අනතුරුව ඇය පරික්ෂා කිරීමේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100ක් ඇය සන්තකයේ තිබීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 35 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාරියගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දි මෙම කාන්තාව විදේශගතව සිටිමින් මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු සමග සමීප සම්බන්ධතා පවත්වන බවට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් සුරක්ෂිතව තැබීම සඳහා ඇය වෙත ලබාදෙන ලද T56 ගිනි අවියක් හා එම පතරොම් 113ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

මෙම සැකකාරියගේ මග පෙන්වීම මත ඇය පදිංචිව සිටින දෙවන විවාහයේ සැමියා පදිංචි රාගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිසිය විසින් එම අවිය හා පතරොම් සොයා ගැනුණා.

එම T56 ගිනිඅවිය හා පතරොම් සඟවා තිබූ හීන්කෙන්ද, රාගම නිවසේ පදිංචි සැකකාර කාන්තාවගේ වයස අවුරුදු 40ක් වන සැමියා ද වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here