ඝාතනයකින් කෙළවර වූ බහින්බස් වීම

0
15


ජාඇල පොලිස් වසමේ ඒකල ශාන්ත මැතිව් මාවත ප්‍රදේශයේදී ඊයේ (01) සවස් කාලයේ පුද්ගලයෙකුට තියුණු ආයුධකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වූ ශාන්ත මැතිව් මාවත ඒකල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මුදල් ආරවුලක් මත සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 35ක් වන ඒකල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ජාඇල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here