කොළඹට වෙනස්ම ආකාරයේ ආක්‍රමණයක්

0
14


කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනයක් සිටින මැතිවරණ කොට්ඨාසය වන හෝමාගම පුරා මුවන්ගේ ආක්‍රමණයක් පවතින බව වාර්තා වේ.

හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති අරුණ පනාගොඩ මේ සම්බන්ධ විස්තර හෙළි කර ඇත. දළ වශයෙන් 2,500ක පමණ මුවන් ගහනයක් සිටින බව ඔහු හෙළි කර තිබේ.

හෝමාගම නැගෙනහිර, මුල්ලේගම, හබරකඩ, හෝමාගම උතුර, පිටිපන සහ මාවත්ගම යන ග්‍රාම සේවා වසම්වල එම මුව රංචුව සිටින්නේ යැයි ද, කෘෂි කර්මාන්තයට එමගින් දැඩි තර්ජනයක් සිදු වී තිබෙන්නේ යැයි ද ඔහු වැඩි දුරටත් පවසා තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here