ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව හෙට (11) සිට එළැඹෙන මාර්තු 14 දක්වා මෙරටදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සමුළුව සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා චර්ම රෝග සහ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති සහ ඝර්ම කලාපිය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි සමුළුවේ සභාපති චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනා මදරසිංහ මහත්මිය පැවසුවේ මෙම සමුළුව සමස්ත ලොවම අවධානයට යොමු කරන සමුළුවක් බවය.
කොළඹදී පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා චර්ම රෝග ක්ෂේත්‍රයේ විදේශ නියෝජිතයින් හා විශේෂඥයින් 342ක් සහභාගීවන බවද විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.
එමෙන්ම සමුළුවේදී විදේශ සම්පත්දායකයින් 45ක් චර්ම රෝග ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හා සොයාගැනීම් පිළිබඳ දේශන පැවැත්වීමටද නියමිතය.
මේ අතර මෙම ජාත්‍යන්තර සමුළුවට මෙරට නියෝජනය කරමින් චර්ම රෝග විශේෂඥයින් සහ සම්පත් දායකයින් 150ක් එක්වීමටද නියමිතව තිබේ.
Saru News
















