යුද්ධය කඩිනමින් අවසන් කරන බව ට්‍රම්ප් කියයි

0
3

මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, එය මෙම සතිය තුළ අවසන් නොවනු ඇති බවය.

ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ වන විටත් ඉරානයට නායකයා ඇතුළු බොහෝ අහිමි වි ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඉරානය සතුව පැවති න්‍යෂ්ටික සහ මිසයිල ස්ථාන සියල්ල මේ වන විට විනාශ කර ඇති අතර ඔවුන්ට ස්වල්ප යුද ශක්තියක් පමණක් ඉතිරිව ඇති බවත් එය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here