ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමයට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303කි.
එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 353කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317කි.
එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365කි. මේ අතර භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195කි.

0
Saru News
















