සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරයට – Saru News | සිංහල

0
3

නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (09) අත්අඩංගුවට ගත් සජින් ද වාස් ගුණවර්ධන ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන ක්‍රියාත්මක වන්නේ රුපියල් මිලියන 243.8ක වත්කම් ඉපයීම සිදු කළ ආකාරය සම්බන්ධයෙනි.

එයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබිණි.

ඒ අනුව ඔහු අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අතර එම එම ප්‍රකාශය ලබාගැනීමෙන් පසු ඔහු මෙලෙස අත්අඩංගුනට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here