විමල් ඇතුළු 6 දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්යයි

0
3

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ලබන 18 වනදා තෙක් කල්තබන ලදී.

2016 වසරේ දී ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව කොළඹ ජගත් සංවිධානය ඉදිරිපිටදී උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළ බවට විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට චෝදනා එල්ලවී තිබේ.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ අද (09) කැඳවන ලදී.

එහිදී කුරුදුවත්ත පොලීසිය දැනුම් දුන්නේ සිද්ධියට අදාළව සාක්ෂි ලබාදීමට තවත් දෙදෙනෙකු සිටින බවය.

ඒ අනුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ලබන 18 වනදා කැඳවීමට නියෝග කෙරුණි.

වීරකුමාර දිසානායක , ජයන්ත සමරවීර , පියසිරි විජේනායක යන අයද මෙහි සැකකරුවන් අතර වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here