මෙල් මාවතේ Yamaha School of Music & Arts වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ

0
12

කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ පිහිටි ගොඩනැගිල්ලකට (Yamaha School of Music & Arts) හා එහි ගේට්ටුවකට ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබිම ඊයේ (25 වැනිදා) අළුයම සිදුකර පලාගොස් ඇති අතර වෙඩි ප්‍රහාර 15 ක් පමණ එම ගොඩනැගිල්ලට හා ගේට්ටුවට එල්ල කර ඇතැයි ද පොලිසිය පවසයි.

Yamaha School of Music & Arts ගොඩනැගිල්ල ඉදිරිපිට හිස් පතොරොම් කොපු ඇති බවට කොල්ලූපිටිය පොලිසියට ලද දුරකථන පණිවුඩයක් අනුව ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරින් පිරිසක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

අලුයම 02.35 ට පමණ යතුරු පැදියකින් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ පිටුපස අසුනේ සිටි පුද්ගලයා එකවරම ගිනි අවියකින් එම ගොඩනැගිල්ල දෙසට හා ගේට්ටුව දෙසට වෙඩි ප්‍රහාර එල්ල කරන අයුරු සීසීටීවි කැමරාවක සටහන්ව ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදුව නොමැති අතර වෙඩි තැබීම කුමන අරමුණකින් සිදු කරන ලද්දක් ද යන්න කරුණු අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

එම වෙඩි තැබීම සඳහා යොදාගත් යතුරුපැදිය සම්බන්ධයෙන් පැමිණි පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අවට ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් විමර්ශන ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියකු සදහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here