කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනියගෙන් විශේෂ පණිවිඩයක්

0
4

කටාර් රාජ්‍යයේහි ශ්‍රී ලංකා තානාපති සිතාරා ඛාන් මහත්මිය විසින් එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.

මැද පෙරදිග කලාපය තුළ පවතින මෙම අවිනිශ්චිත කාල සීමාව තුළ, කටාර් රාජ්‍යයේ ජීවත්වන සහ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් මෙම අභියෝගාත්මක කාලය තුළ ඉතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තානාපතිනිය කාරුණිකව ඉල්ලා සිටියි.

පවතින තත්ත්වය හමුවේ සන්සුන්ව සිටීම, වගකීම් සහගතව කටයුතු කිරීම සහ අනතුරු ඇඟවීම් නිකුත් කරන විට වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීම ඇතුළුව, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ආරක්ෂක මාර්ගෝපදේශ සහ නියමයන් අනුගමනය කරන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා තිබේ.

කැබලි සහ සුන්බුන් පතිත වීමේ අවදානමක් පවතින බැවින් පිරිස් ඒකරාශී වන ස්ථාන සහ විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්නැයි සිතාරා ඛාන් මහත්මිය පවසයි.

එමෙන්ම, මහජන ආරක්ෂාව සහ සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වගකීම් සහගත සන්නිවේදනය අත්‍යවශ්‍ය බැවින්, කටකතා පතුරුවා හැරීමෙන් හෝ තහවුරු නොකළ තොරතුරු හුවමාරු කර ගැනීමෙන් වැළකී නිල පුවත් මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තබන ලෙස විශේෂයෙන් ඉල්ලා සිටී.

කටාර් රජය කටාර්හි වෙසෙන පදිංචිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, අත්‍යවශ්‍ය සැපයුම් සහ සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව සැපයීමටත් අඛණ්ඩව කැපවී සිටින බව තානාපතිනිය සඳහන් කරයි.

කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් තානාපති කාර්යාල කණ්ඩායම පැය 24 පුරාම අත්‍යවශ්‍ය සේවා සඳහා ක්‍රියත්මක වන අතර හදිසි ඇමතුම් අංකය +974 3045 1601 (WhatsApp මගින්ද සම්බන්ධ විය හැක) හා විද්‍යුත් තැපෑල [email protected] හරහා සම්බන්ධ විය හැකි බව කටාර් රාජ්‍යයේහි ශ්‍රී ලංකා තානාපති සිතාරා ඛාන් මහත්මිය වැඩිදුරටත් පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here