මැදපෙරදිග ගැටුම්වලින් ලාංකිකයන් 4කටත් තුවාලයි!

0
3

මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයන් සිව් දෙනකු තුවාල ලබා ඇති බවට වාර්තා වී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි. 

ඒ මහතා ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී මේබව කීය.

කෙසේවුවද, ඔවුන් සිවු දෙනාම මේ වන විට ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව ද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

පවතින තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට රජය ප්‍රමුඛත්වය දී කටයුතු කරන අතර තානාපති කාර්යාල හරහා නිරන්තර සොයා බැලීම් සිදු කරන බව ද විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සැමවිටම මෙරට ප්‍රමුඛතාවය වන අතර, එම කලාපයේ පිහිටි අපගේ තානාපති කාර්යාල මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

මෙවන් නොසන්සුන්කාරී වාතාවරණයක් පවතින මොහොතක, සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා වන පරිදි සියලු පාර්ශ්වයන් ඉවසීමෙන් කටයුතු කරනු ඇතැයි ද, ස්ථාවරත්වයක් සහ සාමකාමී විසඳුමක් ලැබෙනු ඇතැයි ද ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here