පුංචි ශ්‍රී ලංකාව මුළු ලෝකයේම ආදරය දිනාගැනීමට සමත් රටක් බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සහ අපේ අගමැති හරිනි සහෝදරියගේ මූලිකත්වයෙන් පත් කර අවසන් යැයි ජාතික ජන බලවේගයේ කාන්තාවෝ සංවිධානයේ ජාතික සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී සමන්මලී ගුණසිංහ ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර කාන්තා දින සමරුව අමතමින් ඇය මේ බව පැවසුවාය.
“අපට ඇහුම්කන් දෙන ලෝකයක් නිර්මාණය කරන්න සුදුසු සමාජයක් පිහිටුවීම වෙනුවෙන් ගම් නගර සියල්ල එක මිටට සංවිධානය කර මේ දේශපාලන පරිවර්තනය සිදු කිරීමේ තීරනාත්මක අභීත ගැමැනිය ඔබයි. ජාතික සමගිය තුළින් පොහොසත් රටක් ගෙඩනගා ලස්සන ජීවිතයක් උදා කර ගැනීමට ක්‍රියා කිරීමේ ලොකු වගකීමක් අප වෙත පැවරී තිබෙනවා. මේ දේශපාලන පරිවර්තනය සමාජ බලවේගයක් වශයෙන් ඉදිරියටම ගෙන යා යුතුයි.” යනුවෙන් ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.
1
Saru News
















