ගෝල ත්‍රිත්වයකින් උපන් බර්නාඩ්ගේ රාත්‍රිය

0
3

නිශ්මං රණසිංහ ,මාර්තු 08, කොළඹ LNW:

මාර්තු 7 වන රාත්‍රිය චැම්පියන්ස් ලීග් තරගාවලිය වෙනුවෙන් මනරම් සහ උණුසුම් රාත්‍රියක් කරන්නට ජාවාලේන් කණ්ඩායමේ න්වාබුයිසි බර්නාඩ් සමත් වුණා.නයිජීරියානු ආයෝජනයක් ලෙස ජාවාලේන් සමඟ එක්ව සිටින බර්නාඩ් මේ තරගාවලියේ දී මේ වන විටත් ඊට සාධාරණය ලබා දී ඇති අතර මාර්තු 7 වන දා තුරග තරග පිටියට පැමිණ සිටින සියල්ලන්ම අමන්දානන්දයට පත් කරමින් ගෝල ත්‍රීත්වයක් ලබා ගැනීමට කටයුතු කළා.

පොලීසියට එරෙහිව රැස් කළ එම ගෝල ත්‍රීත්වය සමඟ ජාවාලේන් කණ්ඩායමට 4-0 ක් ලෙස තරගයේ ජය හිමි වුණා.පළමු අර්ධයේ ගෝල 1 – 0 ක් ලෙස ජාවාලේන් ඉදිරියෙන් සිටිය අතර දෙවන අර්ධයේ අවසන් වන්නට විනාඩි 06 ක් පමණ තිබියදී සිය විස්මිත දස්කම ආරම්භ කළ න්වාබුයිසි බර්නාඩ් ඒ වන විටත් තරගයේ ඉදිරියෙන් සිටි ජාවාලේන් කණ්ඩායමේ ලකුණු හතරෙන් තුනක් ලබා ගනිද්දී ඔවුන්ගේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් පළමු ගෝලය මොහොමඩ් රිස්කාන් විසින් ලබා ගනු ලැබුවා.
පොලිස් කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස සිටියදී ඉතා පහසු අවස්ථාවක් ලකුණු සම කිරීමට ලැබුණත් එය ජාවාලේන් දැල් රකින්නාගේ දක්ෂතාවය නිසා වැළකී ගියා.ඉනික්බිති උදා වූ 88′, 90+2′ & 90+4’විනාඩිවලදී බර්නාඩ් සිය සුපිරි දක්ෂතාවය පෙන් වූයේ පොලිස් දැල් රකින්නාගේ දුර්වලතාවයට වඩා පොලිස් ආරක්ෂාවේ දුර්වලකම ප්‍රයෝජනයට ගනිමින්ය.

චැම්පියන් ලීග් තරගාවලියේ සුපිරි අට වටයේ මාර්තු 7 වන දා පැවති පළමු තරගයෙන් ද නිව් ස්ටාර් කණ්ඩායම පරාජය කරමින් ගෝල 4-0 ක පහසු ජයක් ලබන්නට සෙරන්ඩිබ් කණ්ඩායම සමත් වුණා.තරගයේ මුල සිටම පාහේ මෙම තරගයේදී සෙරන්ඩිබ් කණ්ඩායම නිව් ස්ටාර් කණ්ඩායමට වඩා හැම අතින්ම කැපී පෙණුනා.ප්‍රථම අර්ධයේ ගෝල 2 ක් සහ දෙවන අර්ධයේ ගෝල 2 ක් ලබා ගැනිමට සෙරන්ඩිබ් කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගයේ 36 වන විනාඩියේදී සහ තරගය නිමා වන්නට විනාඩියක් තිබියදී පිළිවෙලින් නිව්ස්ටාර් කණ්ඩායමේ මොහොමඩ් අතීෆ් සහ මොහොමඩ් ෂාකීර් රතු කාඩි අවවාද ලබා පිටියෙන් පිටමං කෙරුණා.එම සිඳුවීම් සහ තරගයේදී නිව් ස්ටාර් කණ්ඩායමට එරෙහිව ලැබුණු තීරණ සහ සෙරන්ඩිබ් කණ්ඩායමට එරෙහිව නොලැබුණ තීරණ ලෙස වර්ග දෙකක් පිළිබද සැකයක් විනිසුරු තීරණ සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ තිබුණා.එහෙත් නිව් ස්ටාර් ඇතැම් ප්‍රධානීන් එවැනි අවස්ථාවක විරෝධය පළ කිරීමට යොදා ගත් හැසිරීමත් ශීලාචාර බව කිව නොහැකියි.
එවැනි අවස්ථාවකදී තරගාවලියට අදාළව ශ්‍රී ලංකා පාපන්දු වෙත තරගයේ රූපවාහිනි දර්ශනත් සමඟ සත්‍යයනම් තමන්ගේ විරෝධය පෑමට හැකි දියුණු වට පිටාවක් තිබියදී එසේ හැසිරීම අනුමත කරන්නටත් බැහැ.මේ ගැන සියළු පාර්ශවයන්ගේ අවධානය යොමු විය යුතුව ඇති අතර සහභාගිවන ක්‍රීඩකයන් මෙන්ම කණ්ඩායම්වල නිලධාරීන් සියිළුම දෙනාත් ඉහළින්ම ක්‍රීඩාශීලීතිවය රකින්නට කටයුතු කිරීමට සිතා ගත යුතුයි.

තරගයේ ගෝල 4 වාර්තා වුණේ ඔඩෝම් එනොක්ගෙන් ගෝල 2 ක් සහ ඩාර්ක්ඩ් ජෝර්ජ් සහ මොහොඩ් ආශිර්ගෙන් එක ගෝලය බැඟිනි.

The post ගෝල ත්‍රිත්වයකින් උපන් බර්නාඩ්ගේ රාත්‍රිය appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here