මත් ද්‍රව්‍ය සහිත යැයි සැක කටයුතු ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට – Saru News | සිංහල

0
3

මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහු දින ධීවර යාත්‍රාවක් නාවික මෙහෙයුමක් මඟින් අද (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත් ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි මෙම දේශීය බහු දින ධීවර යාත්‍රාව සැකකරුවන් හය දෙනෙකු සමග නාවික හමුදා භාරයට ගෙන ඇත.

එම බහු දින ධීවර යාත්‍රාව, මත් ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩ බිමට රැගෙන එමින් සිටී.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here