2005 දී බොරැල්ලේ සිදු වූ ඝාතනයකට එස්.එෆ්. සරත්ට මරණ දඬුවම

0
15


2005 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් “එස්.එෆ්. සරත්” නැමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් අද මරණීය දණ්ඩනය නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබා දුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින්.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර තිබූ චමින්ද රවී ජයනාත් හෙවත් “දෙමටගොඩ චමින්ද” ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ද අධිකරණය නියම කළා.

2015 වසරේ අගෝස්තු මස පළමුවනදා බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් තුළදී හෙට්ටිආරච්චිගේ දුමින්ද නැමැත්තෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here