අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය ඇමති සතාසිවම් වියාලේන්ද්‍රන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම නඩුව අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මෙලෙස නියම කර ඇත.
මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් දැනුම් දී ඇති අතර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මෙම නියෝගය කර තිබේ.
Saru FM Media