අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ දෙවන පුහුණුව රාජගිරියේදී   – Saru News | සිංහල

0
3

අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මුලික විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල කණ්ඩායම් සාමාජිකයින් දැනුවත් කිරීමේ දෙවන පුහුණු වැඩසටහන රාජගිරියේ පිහිටි අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේදී ඊයේ (06) පැවැති අතර, එහි ප්‍රධාන දේශනය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, නීතිඥ, හර්ෂණ නානායක්කාර විසින් පවත්වන ලදී.

අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කාර්යය රාමුව තුළ විමර්ශනවල අරමුණු අවබෝධ කර ගැනීම, විමර්ශන මණ්ඩලවල කාර්යභාරය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආයතනික සහාය, විමර්ශන ක්‍රියාවලියෙහි පියවර, විමර්ශන කටයුතු සහ මුලික විමර්ශන ප්‍රශ්නාවලිය ආදී කරුණු පිළිබඳව විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල සාමාජිකයින් දැනුවත් කිරීම පුහුණු වැඩමුළුව තුළ සිදු වී තිබේ.

අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ උසස් නිලධාරීන්, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මූලික විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහි පළමු විමර්ශන වැඩමුළුව වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here