ඉරානයේ තවත් භූමිකම්පාවක්

0
3

ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් අද (7) පෙරවරුවේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.

භූමිකම්පාව බන්ඩාර් අබ්බාස් සිට කිලෝමීටර් 74ක් බටහිරින් සහ කිලෝමීටර් 10ක් ගැඹුරට සිදුව ඇති බව එහි දත්තවල දැක්වේ.

ඒ අනුව සතියක් ඇතුළත ඉරානය තුළ සිදුවූ දෙවන භූමිකම්පාව මෙය වේ.

පසුගිය අඟහරුවාදා ද ෆාර්ස් පළාතේ ගෙරාෂ් හි රික්ටර් මාපකයේ 4.3ක භූමිකම්පාවක් ඇති විය.

එය කිලෝමීටර 10 ක් (සැතපුම් 6.21ක්) ගැඹුරින් සිදුවී ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here