ගුවන් ගමන් අද දිනයෙත් අවිනිශ්චිත තත්ත්වයක

0
3

මැදපෙරදිග කලාපයේ සිවිල් ගුවන් සේවා තවදුරටත් අඩාල වී ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, අද (07) දිනයෙත් එම කලාපයේ ගුවන් ගමන් සිදු කෙරෙන්නේද යන්න අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි.

පෙරේදා දිනයේ ඩුබායි හා මස්කට් සිට මගීන් 1313 රැගත් ගුවන් යානා 10ක් දිවයිනට පැමිණ තිබේ.

මස්කට් හා ඩුබායි දක්වා මගීන් 667 දෙනෙකු රැගෙන මෙරටින් පිටත්ව ගොස් ඇති ගුවන් යානා ගණනද 10කි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here