ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගීතය නිර්මාණය කළ ශිල්පීන් ඇගයීමට ලක්වෙයි

0
3

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් 1999 ඔක්තෝබර් 10 වන දින එළිදැක්වූ යුද්ධ හමුදා ගීතය නිර්මාණය කළ ශිල්පීන් වන, ගීතයේ ගී පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්, තනු නිර්මාණය කළ ප්‍රවීණ සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායක සහ ගීතය නිර්මාණය කිරීමේදී මූලික සංකල්පය සහ සම්බන්ධීකරණය සිදුකළ විශ්‍රාමික මේජර් ජෙනරාල් එස්.ඩී. තෙන්නකෝන් යන අයවලුන් ඇගයීම සඳහා වූ උත්සවයක් පැවැත්විණි.

ඒ ඊයේ (06) යුද්ධ හමුදා මූලස්ථානයේදී ය.

මෙම උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහභාගී විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here