Tuesday, May 6, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් දක්ෂිණ අධිවේගීයේ වාහන 4ක ගැටුමකින් විදේශිකයින් ඇතුළු සිව් දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගීයේ වාහන 4ක ගැටුමකින් විදේශිකයින් ඇතුළු සිව් දෙනෙකුට තුවාල

0
12


four-people-including-foreigners-were-injured-in-a-4-vehicle-collision-on-the-southern-expressway

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 26.5 වන කිලෝමීටර් කණුව අසලදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වාහන 4 ක් එකිනෙක ගැටීමෙන් අද (01) උදෑසන 5.30 ට පමණ සිදුවූ අනතුරකින් විදේශිකයින් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

ගැලනිගම ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරට ලොරි රථයක්, වෑන් රථ 02ක් සහ මෝටර් රථයක් හසුවී ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් හතර දෙනාගේ තත්ත්වය බරපතල නොවන බව පොලීසිය තහවුරු කර ඇත.
අධිවේගී මාර්ග පොලිස් නිලධාරියකු පැවසූ පරිදි, අලුයම 5.30 ට පමණ කොළඹ දෙසට ගමන් කරමින් සිටි වාහන පෙළ එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. “වෑන් රථයක්, මෝටර් රථයක් සහ ලොරි රථ දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, වෑන් රථයේ ගමන් ගත් විදේශිකයින් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇත,” යැයි ඔහු පැවසීය.
මෙම අනතුරෙන් පසු දක්ෂිණ අධිවේගී මාර්ගයේ එම කොටසේ කොළඹ දෙසට රථවාහන තදබදයක් ඇති වූ අතර, මාර්ග බාධක ඉවත් කිරීමෙන් පසු ගමනාගමනය යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here