2026 දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 6 ඉක්මවන ලකුණු!

0
4

සාමාන්‍ය තත්ත්වයන් යටතේ සියල්ල සුමටව සිදුවුවහොත්, මේ වසරේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 6ක් ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බව එරට ඉහළම ආර්ථික සැලසුම් කොමිසමේ ප්‍රධානියා පවසයි.

චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ ප්‍රධානී – ජ’ං ෂැන්ජිඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 06) බෙයිජිං අගනුවර පැවති ආර්ථික කටයුතු පිළිබඳ මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ 14 වන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරයට සමගාමීවයි.

මෙමගින් රැකියා ස්ථාවර කිරීමට, ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට හා අවදානම් වළක්වා ගැනීමට ශක්තිමත් සහයක් ලබා දෙනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

සේවා හා AI ක්ෂේත්‍ර වල වටිනාකමත් ඉහළට

මේ අතර, 2026-2030 සමය තුළදී ක්‍රියාත්මත වන 15 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ චීනයේ සේවා අංශයේ වටිනාකම යුවාන් ට්‍රිලියන 100 (ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 14.5 ක් පමණ) ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා තවදුරටත් පැවසීය.

ජ’ං මහතා තවදුරටත් පැවසුවේ 2030 වන විට චීනයේ කෘතිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ වටිනාකමද යුවාන් ට්‍රිලියන 10 (ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.45 පමණ) ඉක්මවීමට අපේක්ෂිත බවයි.

වාං වෙන්ටාඕ – චීන වාණිජ අමාත්‍ය

මේ අතර, මාධ්‍ය හමුම ඇමතූ චීන වාණිජ අමාත්‍ය – වාං වෙන්ටාඕ මහතා පවසා සිටියේ චීනයේ ඊ-වාණිජ ආනයන සහ අපනයන පසුගිය වසරේදී යුවාන් ට්‍රිලියන 2.75 (ඇමරිකානු ඩොලර් බිලියන 398.28 ක් පමණ) දක්වා වර්ධනය වී ඇති බවයි. ඊට කලින් වසර හා සැසඳීමේදී මෙය 15.5%ක වර්ධනයක් බව ඔහු පෙන්වා දුන්නේය.

2025දී යුවානය තවත් ශක්තිමත් වෙලා

පෑන් ගොංෂන්ග් – චීන මහ බැංකු අධිපති

මේ අතර, මෙම මාධ්‍ය හමුවේ දී චීන මහ බැංකු අධිපති පෑන් ගොංෂන්ග් මහතා පැවසුවේ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ, 2025 දී යුවානයේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 4.5 කින් පමණ ශක්තිමත් වී ඇති බවයි.

ශානිකා ජයසේකර බෙයිජිං සිට

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here