අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් වෙනුවෙන් සහන ආහාර පැකේජය අද සිට

0
13


අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබා දීමේ වැඩපිළිවෙළ අද (01) සිට ආරම්භ වනවා.

ඒ අනුව අද (01) සිට ලබන (13) වැනිදා දක්වා රුපියල් 5,000ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජය 50%ක වට්ටමකට එනම් රුපියල් 2,500ක මිලකට සතොස හරහා ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ලංකා සතොස මගින් ආවරණය නොවන ප්‍රදේශයන්හී සුදුසුකම්ලාභීන් සඳහා තෝරාගත් සමූපකාර අලෙවිසැල් මගින් පැකේජය නිකුත් කරනවා.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂිතයන් ලෙස දැනට ලියාපදිංචිය හිමි, පොරොත්තු ලේඛනයේ සිටින පවුල් අටලක්ෂ දොළොස්දහස් හත්සිය පනස් තුනක් (812,753) සඳහා මෙම විශේෂ වට්ටම හිමිවනවා.

මෙම ප්‍රතිලාභය නිසි ලෙසම සුදුස්සන් වෙතම හිමි වන්නේද යන්න සොයා බැලීමට විධිමත් යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here