වසර දෙකක් තිස්සේ EARN WAY ක්රික්ටෝ කරන්සි ආයතතනය විසින් ජනතාව රවටා රුපියල් කෝටි 500 කට අදික මුදලක් වංචනිකව කොල්ල කෑ බවට චෝදනා කරමින් පොලොන්නරුව ප්‍රදේශයේ එම වංචාවට අසු වුවන්ගේ සංගමය විසින් ඊයේ (06) උදෑසන පොළොන්නරුව අධිකරණ සංකීරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.
විරෝධතාකරුවෝ කියා සිටියේ, සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගැනීමට නියමිත වුවද, අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් සැකකරුවන් දෙදෙනෙකු පමණක් බවත්, ඔවුන් දෙදෙනා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙසයි.
එම වංචාවට හසුවූවන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද මේ සදහා මුදල් යොදවා ඇති බව පවසමින් චංචාකරුවන් තමන් පොළඹවාගත් බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
මේ පිරිස මේ සම්බන්ධව ජනාධිපති ලේකම්වරයාට ද සංදේශයක් දුන් බව කියා සිටී.
මෙම වංචාවට දිවයින පුරාම පුද්ගලයන් 5000 කට අදික පිරිසක් රැවටී ඇති බවද පැවසේ.
ලක්ශ 10 සිට ලක්ශ 100 දක්වා මෙම EARN WAY ක්රික්ටෝ කරන්සි ආයතනය වෙත මුදල් යොදවා තිබේ.




Saru News
















