මැටි භාණ්ඩ අළෙවිකරුට අත්වූ අවාසනාවන්ත ඉරණම

0
15


පුත්තලම දෙස සිට වාරියපොල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ වම් පසට ධාවනය වී මාර්ගය අසල මැටි භාණ්ඩ අළෙවි කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා

අනතුරින් මැටි භාණ්ඩ අළෙවි කරමින් සිටි පුද්ගලයා බරපතල තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 58ක් වූ තිඹිරිවැව, වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය වාරියපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here