එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බව පැවසන පුද්ගලයෙකු නීතිවිරෝධී ගිනි අවියක් සමග් මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථයක් පරීක්ෂා කාරීමේදී එහි රියදුර බීමතින් සිටින බව අනාවරණය වීමෙන් පසු එම රථය පිළිබඳව සිදු කළ වැඩි දුර සෝදිසියේදී ඔහු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ තිබී මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියක් හමු වී ඇත.
බලපත්‍ර නොමැතිව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හා බීමත්ව රිය පැදවිම යන චෝදනා මත මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සිදු චළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බවය.
අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ කුඩා බුත්ගමුව පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයෙකි.
Saru FM Media