ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද

0
8

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි- 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සුවිශේෂී තරගයක් අද පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව අවසන් වරට විස්සයි-20 තරගාවලියක් ජයග්‍රහණ කළේ සිම්බාබ්වේට එරෙහිවයි. බංග්ලාදේශය සමග පැවති විස්සයි -20 තරගාවලියේදී ශ්‍රී ලංකාවට තරගාවලි ජය අහිමි විය. ඒ අනුව අද පැවැත්වෙන තරගය ඉතා තීරණාත්මක හා තියුණු තරගයක් වනු ඇති බව බොහෝ විචාරකයෝ මත පළකර සිටී. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියේ බී කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන අතර මේ වනවිට බී කාණ්ඩයේ ඉහළින්ම ඉතා ඉහළ දළ අගයක් ලබාගෙන පසුවන්නේ ඇෆ්ගනිස්තානයයි. තවද බී කාණ්ඩය යටතේ ක්‍රිඩා කරන කණ්ඩායම් වන්නේ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, හොංකොං යන රටවල්ය. එම කාණ්ඩයේ ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය පළමු තරග ජයග්‍රහණ කර ප්‍රසාද ලකුණු 2ක බැගින් ලබා ගෙන සිටියි. ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ දල ලකුණු වේගය 4.7ක්සේ ඉහළ දමාගෙන සිටින අතර බංග්ලාදේශයට දල ලකුණු වේගය 1.001ක් ලෙස පවත්වා ගැනීමට හැකිවී ඇති අතර අද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේදී ශ්‍රී ලංකාව සුපිරි හතර දෙනාගේ වටයට යෑමට ඉතා ඉහළ දල අගයක් පවත්වාගෙන යෑමට තරගය ජයග්‍රහණය මෙන්ම ජයග්‍රාහී පරතරය ද ඉතා හොඳ අගයකින් පවත්වාගෙන යෑමට සමත් වුවහොත් ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක අවස්ථාවක් උදාවෙනු ඇත.

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here