රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

0
11

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවලට අදාළව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මීට පෙර ලබාදුන් ලිඛිත එකඟතා ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් නැවතත් දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට අවතීර්ණ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි,

රෝහල් තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබාගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම

රෝහල් තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකර ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම

දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරන සෞඛ්‍ය කඳවුරු සහ සායන සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීමෙන් ඉවත්වීම

අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුළ විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකකවලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම

රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්ය මණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත්වීම

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here