කෝටි දෙකකටත් වැඩි මුදලක් අල්ලස් ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙක් අත්අඩංගුවට

0
3

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් කෝටි දෙකකට අධික මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට වන චෝදනාවක් මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපන ශාලාවේදී මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

2018 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පුද්ගලික ආයතනයකින් ගොඩනැගිල්ලක් කූලී පදනම මත ලබාගැනීමෙන් පසු ඒ සඳහා අමාත්‍යාංශය මඟින් කුලී මුදල් ගෙවීමේදී අදාළ චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා සැකකරු විසින් මෙලෙස අල්ලස් ඉල්ලා ඇති බව සඳහන්.

අත් අඩංගුවට ගත් විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

The post කෝටි දෙකකටත් වැඩි මුදලක් අල්ලස් ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙක් අත්අඩංගුවට appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here