සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය 

0
3

සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 

එම අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කළේය. 

කෙසේ වෙතත් එම යානය  දියත් කර තිබුණේ කවුරුන්දැයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර නැත. 

“ෂහෙඩ්” (Shahed) වර්ගයට අයත් නියමුවන් රහිත යානයක් පසුගිය දෙවැනිදා ඇක්‍රොටිරි (Akrotiri)ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැටුණි. 

මෙම අනතුරින් දේපළවලට සුළු හානි සිදුව ඇති බව සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලයිඩ්ස් සිය X ගිණුමේ සටහනක් තබමින් එදින  ප්‍රකාශ කළේය. 

මෙම ගැටුම්කාරී තත්ත්වය හමුවේ සයිප්‍රසය කිසිදු මිලිටරි මෙහෙයුමක කොටස්කරුවෙකු වීමට අදහස් නොකරන බව ඔහු අවධාරණය කළේය.

මෙම ප්‍රහාරයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඇක්‍රොටිරි කඳවුරේ රැඳී සිටින හමුදා සාමාජිකයින් ආරක්ෂිතව එතැනින් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවය. 

ගුවන් තර්ජනවලින් කඳවුර ආරක්ෂා කිරීම සඳහා රාජකීය නාවික හමුදා වයිල්ඩ්කැට් හෙලිකොප්ටර් ඉදිරි දිනවලදී සයිප්‍රසයට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here